ඇතිවූ ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයන් කෙසෙල් ගෙඩි 05ක් බැගින් ලබාදී තම දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළ බවද එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ජනතාව, ඇතැම් දේශපාලන පක්ෂ හා මාධ්‍ය සංවිධාන එකතු වී ජනතාවට ආහාර ටික සහ අවශ්‍ය සහන ලබාදීමට කටයුතු නොකළ නම් ආපදාවට ලක්වූවන්ට බඩගින්නේ සිටීමට සිදුවන බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.