සත්‍ය දැනගැනීමේ අවශ්‍යතාවට ජනතාවට ඇති අතර යුද්ධයේදී සිදුවූ අපරාධ පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කළ සමූලඝාතන සාමාන්‍ය ජනතාව මෙන්ම උතුරේ දමිළ පක්ෂවලට සිදු කළ දේ පිළිබඳවද හෙළිදරව් කිරීම අවශ්‍ය බවත් සම අයිතිය ව්යාපාරයේකැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (10දා) රාජගිරියේදී යුද්ධයේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවූ බව පිළිගත යුතු බව පවසමින් සම අයිතිය ව්‍යාපාරය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදීය.
යුද සමයේදී පැහැදිලිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවී ඇති බවත් මේ පිළිබඳ පරීක්ෂණ අවශ්‍ය බවත් රවීන්ද්‍ර මහතා අවධාරණය කළේය.