සෞඛ්‍ය සම්පන්න දානයක් පිළිගැන්වීමේ වට්ටෝරු පොත පිළිගැන්වීමට පැමිණි සෞඛ්‍ය ඇමතිට මල්වතු මහනාහිමියෝ කියති
මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට ආහාර පාලනය කිරීමට අවශ්‍ය නොවන බවත්, මෙරට බොහෝ දෙනෙකුට කන්න නොමැති බවත්, ඒ හේතුවෙන් ආහාර නිසා මෙරට ජනතාව රෝගී නොවන බවත්, මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ්‍රී සුමංගල හිමියෝ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ අවධාරණය කළහ.
'ජනතාව දැනුවත් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ආහාර වලින් ජනතාවට රෝගී වෙන්නෙ නෑ. මොකද ජනතාවට කන්න නෑ. ඒ නිසා පාලනය කරන්න දෙයක් නෑ. ' යැයි මල්වතු මහනාහිමියෝ සෞඛ්‍ය ඇමතිවරයාට සඳහන් කළහ.
මහානාහිමියෝ මේ බව අවධාරණය කර සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදිත සෞඛ්‍ය සම්පන්න දානයක් පිළිගැන්වීමේ වට්ටෝරු පොත මහානායක හිමියන්ට පිළිගැන්වීමට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා අමතමිනි.
එහිදී මහානායක හිමියන් සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නේ තමන්ටත් තම සෞඛ්‍යයටත් අහිතකර යම් ආහාරයක් තිබේනම් එය අනුභව නොකර සිටීමට කටයුතු කළ යුතු බවයි.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී මහානායක හිමියන් හමුවේ කරුණු සඳහන් කරමින් පවසා සිටියේ, මහා සංඝරත්නයේ නිරෝගී බව ආරක්ෂා කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ උපදෙස් මත මෙම දාන වට්ටෝරු පොත සකස් කළ බවත්, එය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සියලු විහාස්ථානවලට ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් ගිහි ජනතාවද දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවත්ය.
-Health-Minister-visit-Malwathu-&-Ramangya-nahimi-Herath-kandy.gif)