ජනතාවගේ හදගැස්ම තේරුම් ගැනීමට හැකියාවක් ඇති රාජ්‍ය පාලනයක් තිබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරුමට අද (01දා) එක්වෙමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“2015 ජනවාරි 08 වැනිදාත් 2015 අගෝස්තු මාසයේත් මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තබා අපට රට බාර දුන්නා. පෙර පැවති රජය වෙනස් කිරීමට මේ රටේ ජනතාවට තිබූ උනන්දුව සහ එය කිරීමේ අරමුණ අපි තේරුම් ගත යුතුයි. මේ රටේ ජනතාව අපට ලබා දුන් වරම, අප විසින් ඉටු කළ යුතු කාර්යයන් සඳහා අප කැපවිය යුතුයි.
අපට මේ රටේ ජනතාව මේ වගකීම් බාරදුන්නේ කුමක් සඳහා ද යන්න එහිදී පළමුවෙන්ම තේරුම් ගත යුතුයි. එහිදී රටේ පවත්නා දේශපාලන මතවාද පිළිබඳව මෙන්ම ආර්ථික අසීරුතාවන්ට මුහුණදී සිටින, පීඩාවට පත්වී සිටින සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම තේරුම් ගැනීමට ඇති හැකියාව හැමවිටම රාජ්‍ය පාලනයක තිබිය යුතුයි.” යැයි ද පවසා සිටියේය