ජනතාවගේ 'ලේ නහර කපා ලේ අරගෙන' අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයේ උදරය පෝෂණය කරගැනීම සඳහා යොදාගන්නා බවත්, ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම සඳහා ජනතාව පෙළගස්වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ලබන සතියේදී පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්, බදු ප්‍රතිපත්තියට එරෙහිව විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ඕනෑම ආණ්ඩුවක ආර්ථික ගමන මැනබැලීමට අවුරුදු එකහමාරක් වැනි කාලයක් ප්‍රමාණවත් බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වී සිදුකළ දේවල්වලින් ජනතාවගේ ජීවිත අඟලක්වත් ඉදිරියට ගෙන යාමට අසමත්වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
හෙතෙම මේ බව පැවසුවේ අද (10දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.