රටේ ජනතාවගෙන් 49% ක් වූ බහුතරයක් වහාම මහ මැතිවරණයක් පැවැත්වීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය යන ස්ථාවරයේ සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි අවුරුදු 18 ට වැඩි වයසේ පසුවන රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්රවල වෘත්තිකයන්, රැකියා විරහිත පුද්ගලයන්, ගෘහිණියන් සහ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් සම්බන්ධ කරගනිමින් මෙම පරීක්ෂණය සිදුකරනු ලැබ තිබේ.
අදාළ සමීක්ෂණයට අනුව 49% ක කොට්ඨාසයක් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බවත්, ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සියලු පක්ෂ ඒකාබද්ධ විය යුතුය යන මතයේ 26% ක් සිටින අතර, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අනුමත කරන්නේ 25෴ ක් පමණක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග මහතා ඊයේ (18දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එම සමීක්ෂණයට අනුව සබරගමුව (82%) හා දකුණු (69%) පළාත්වලින් මහ මැතිවරණයකට යා යුතු බවට වැඩිම ප්‍රතිචාර ලැබී තිබෙන අතර, උතුරු හා මධ්‍යම පළාත්වල එම අදහස දරන්නෝ 56%ක් සිටිති. තවද බස්නාහිර පළාත 54%, වයඹ පළාත 53%, ඌව පළාත 34%, උතුරු පළාත 24% සහ නැගෙනහිර පළාත 38% බැගින් ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයකට යාමට කැමැත්ත පළ ර ඇත.
ජාතික ආණ්ඩු සංකල්පය සම්බන්ධයෙන් පිළිවෙළින් උතුර, ඌව, මධ්‍යම, නැගෙනහිර යන පළාත්වල ජනතාව එකඟතාව පළ කරති.
මීට අමතරව ට්‍රාන්ස්පේරන්සි ආයතනය රජය දින 100 තුළදී පොරොන්දු ඉටුකර තිබේද යන්න සම්බන්ධයෙන් ජනතාව සෑහෙන්නේද සහ දින 50 දී හා දින 100 දී මෙම සමීක්ෂණ අතර ඇති වෙනසද නිරීක්ෂණයට ගෙන ඇතැයි ශාන් විජේතුංග මහතා වැඩිදුරටත් කීය.