ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 30%ක් පමණ බරපතල ආර්ථික අපහසුතාවයකට පත්ව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ලෝක ආර්ථික අර්බූදය හමුවේ ශ්‍රී ලංකාව කුමන ආර්ථික අර්බූදවලට මුහුණ දුන්නත් දිළිඳු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් රජය ප්‍රමුඛත්වය දෙන බවත් ඔහු සඳහන් කළේය.
අද (28දා) පෙරවරුවේ මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති තිරසර මූල්‍ය පිළිබඳ වැඩමුළුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය. 2017 වසර දුගී බව තුරන් කිරීමේ වසර ලෙස රජය නම්කර ඇති බව පැවැසූ ජනපතිවරයා ආර්ථික ගැටලු ජය ගැනීමේදි පරිසර සංරක්ෂණයද ඉතා වැදගත් බව සඳහන් කළේය.