ආණ්ඩුව තමන්ගේ වැරදි වහගන්න අනුන්ට ඇගිල්ල දික් කරමින් කටයතු කරනවා මිස රටේ සංවර්ධනය සදහා පියවර නොගන්නේ යැයිද එහෙයින් හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඊයේ (8 දා) පස්වරුවේ මීරිගම පොහොන්නරුව ශී‍්‍ර සුභද්‍රාරාම විහාරස්ථානයේ පැවැති පිංකමකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"පික්පොකට් ගහන කොට අර හොරා හොරා කියලා දුවනකොට වගේ තමයි මේ ආණ්ඩුවත් කටයුතු කරන්නේ. මේ අවරුද්ද තුළදී රටේ සංවර්ධනය එහෙම පිටින් ඇණ හිටලා තියෙනවා. සංවර්ධනය කරපු දිහා ඉතාමත් කුරිරු විදියට බලනවා. ඒවාට පහර ගහනවා මිස වෙන කිසි දෙයක් ගැන ඔවුන් කල්පනා කරන්නේ නැහැ. ඒක නිසා මේවා සියල්ල නතර කර ජනතාවගේ සුභ සිද්ධීය සදහා වැඩ කරන්න ඕනෑ යුගයක් ඇවිල්ලා තියෙන්නේ කියන එක අපිට හැම අයටම මතක් කර දෙන්න සිදුවෙලා තියෙනවා."