ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලබනවා නම් අමාත්‍යවරුන්ගේ ප්‍රමාණය 40ක් බවත්, එහෙත් ව්‍යවස්ථානුකූලව පත්කළ හැකි වන්නේ අමාත්‍යවරුන් 30 දෙනෙකු පමණක් නිසා ජනතාවට ලබාදී තිබෙන පොරොන්දුවලට අනුව අමාත්‍යවරුන් පත් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඉල්ලා සිටියි.
මෙම සීමාව ඉක්මවා අමාත්‍යවරුන් පත් කිරීමට කටයුතු කිරීම යන රට මුළාකිරීමක් බවත්, එය අපරාධයක් බවද එම ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.
ජනතාවට ලබාදී තිබෙනා පොරොන්දු කඩකරනවානම් ඒ සඳහා තමන් වහන්සේ බලවත් අප්‍රසාදය පළ කරන බවත්, පොරොන්දු කඩ කර කටයුතු කළහොත් එය පහත් බාල ක්‍රියාවක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.
පොරොන්දු කඩ කරමින් කටයුතු කළහොත් එයට අප්‍රසාදය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදුකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.