අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාවගේ දේපොළ ආරක්ෂා කිරීමට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රාජ්‍ය පරිපාලන, කළමනාකරණ හා නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.
ජනතාවගේ දේපොළ කොල්ලකන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා පොලීසියට අද (22දා) උපදෙස් ලබාදී ඇත.
මීට අමතරව මෙවැනි පැමිණිලි බාරගැනීම සඳහා පැය 24 පුරාම පොලිස් ස්ථාන සූදානම් කරන ලෙසටද හෙතෙම උපදෙස් ලබා දී තිබේ.
.