මීට වසර 16 කට පෙර දඹුල්ල ප්‍රදේශයේදී සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය සහ වත්මන් දඹුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප මත මුදාහරින ලෙස මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය.
විත්තිකරුට දැඩි ඇප කොන්දේසි නියම කළ විනිසුරුවරිය ඔහුට සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත් නියම කළාය.
ෂේන් සෙනෙවිරත්න/ආර්.එම්.සී. රූපසිංහ