කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
එම ඉල්ලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු පවසා සිටියේය.