1999 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවද ජනක බණ්ඩාර පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.
රහස් පොලීසිය ඔහුව රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් ආරක්ෂාව යටතේ හිටපු අමාත්‍යවරයා රෝහලේ ප්‍රතිකාර ලබයි.
එස්. කරුණාරත්න / ඉන්දික හේවාවිතාරණ