එක්සත් ජාතීන්ගේ 70 වැනි සැසිවාරය අද (25දා) නිව්යෝක් නුවර පිහිටා ඇති එම සංවිධාන මූලස්ථානයේදී ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා ජනනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිස එක්වීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
සමුළුවට සහභාගීවීම සඳහා ජනපති ඇතුළු දූත පිරිස ඊයේ (23දා) ඇමරිකාව බලා පිටත්ව අතර ඔවුහු අද (24දා) පෙරවරුවේදී නිව්යොක් නුවරට ළඟා වූහ.
වොෂිංටන් හා නිව්යොක් ශ්‍රී ලංකා තානාපතිවරු දෙපළ, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ නිව්යොක් නුවර තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා නවාතැන් ගැනීමට නියමිත හෝටලයේදී ජනපතිවරයාව පිළිගෙන තිබේ.
නිල සංචාරය අතරතුර ජනාධිපතිවරයා හෙට දිනයේදී ද්විපාර්ශවීය සාකච්ඡා කිහිපයකට සහභාගි වීමට නියමිතය. ඒ අනුව ස්විට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සුමා මහතා සමගද විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.
එමෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ මහතා සමග සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධානීන් සමගද හෙට දිනයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නවසීලන්ත සහ පාකිස්තානු විදේශ අමාත්‍යවරුන් සමග හෙට (25දා) සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනපතිවරයා 30 දා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට නියමිතය.