ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පත් කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
ලබන මස 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකළ බව ජයවීර මහතා ප්‍රකාශ කළේය.
මෙතෙක් කලක් යුදහමුදා මාණ්ඩලික ප්රධානධුරය දැරූ මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ලබන මස 07 වැනිදා විශ්‍රාම යන බැවින් නව පත්කිරීම සිදුකර තිබේ. මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා දැනට මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරයි.