ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ප්‍රධාන වෙළෙඳ කලාපයක් අලලා එල්ල කරනලද ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් භාරගත් බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරයට පැමිණි ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම, තවත් පුද්ගලයන් දෙදෙනෙකුද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, තුවාල ලැබූවන් කිහිප දෙනෙක්ම වූහ.
අවන්හලක්, සිනමා ශාලාවක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගොඩනැගිල්ලක්ද ප්රහාරකයන්ගේ ඉලක්ක වී තිබුණු අතර, ප්‍රහාරය අවස්ථාවේදී ජකර්තා අගනුවරම එකම යුද පිටියක් බවට පත්ව තිබුණි.
එහිදී, ප්‍රහාරකයන් සමග පොලීසිය වෙඩි හුවමාරු සිදුකළ අතර, මේ වනවිට නගරය සන්සුන් බවත්, නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් හා හමුදා බලඇණි යොදවා ඇති බවත් ඉන්දුනීසියානු රජය පවසයි.
ඉන්දුනීසියාවේ ජකර්තාව වෙත ප්‍රහාරයක් එල්ල කරන බවට මීට පෙර ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අනතුරු අඟවා තිබුණේ, ඉන්දුනීසියාවේ නිරන්තරයෙන් ජාත්‍යන්තර සමුළු ආදිය පවත්වන නිසා බව කියැවෙයි.