රාජ්‍ය සේවයේ කටයුතු ප්‍රමාදවිම සඳහා ජංගම දුරකතන එක් හේතුවක් බව රාජ්‍ය,පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තිය සමිති සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා පවසයි. ජංගම දුරකතන භාවිතයට දැඩි ලෙස හුරුවිම හේතුවෙන් එක් පුද්ගලයෙකු මසකට පැය 40ක කාලයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කාලය විනාශ කර දමන බවත් රාජ්‍ය,පළාත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු ප්‍රථමික ශ්‍රේණි,ද්විත්රීක ශ්‍රේණි සහ මාණ්ඩලික ශ්‍රේණි ආදි වශයෙන් සිදු කරන ලද පොදු නියදී පරික්ෂණයකදි මේ බව අනාවරණය වූ බව අජිත් කේ.තිලකරත්න මහතා පැවසීය.
රාජ්‍ය සේවයේ දිනකට සේවය කළ යුතු කාලය පැය 08 ක් වුවද එම කාලය තුළ රාජ්‍ය සේවයේ නියලෙන්නගෙන් 60% කට ආසන්න පිරිසක් පැය දෙකකට අධික කාලයක් ජංගම දුරකතන භාවිතයට ගන්නා බව එහිදී අනාවරණය වී ඇත.