මහමැතිවරණයක් පැවැත්වීමට ක්‍රියාකළ යුත්තේ රටේ අවශ්‍යතාව බලා මිස දේශපාලඥයන්ගේ අවශ්‍යතාවට නොවන බව වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග මහතා 'අද' ට පැවසීය.
රටේ ජාතිවාදය අවුස්සන ඇතැම් පුද්ගලයන් පිළිබඳව ජනාධිපතිවරයා කළකිරීමෙන් පසු වන බවද හෙතෙම පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රටේ මිනිස්සුන්ට ඕනෙකමක් තියෙනවා මේ මනාප ක්‍රමය වෙනස් කරලා සල්ලි තියෙන මිනිස්සු, හොරකම් කරන මිනිස්සු පාර්ලිමේන්තු එන එක වළක්වන්න. එය කරන්න පුළුවන් අපි ආසන ක්‍රමයට ගියොත්. ඒකට විරුද්ධ වෙන කට්ටියක් තමයි අද ඕකට කෑ ගහන්නෙ. ඉක්මනට මැතිවරණයක් ඉල්ලන්නෙ. මගේ මතය නම් 20 වැනි සංශෝධනය කරලා ඊට පසුවයි.
අපි පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ. රටේ අවශ්‍යතාව මිස අපේ අවශ්‍යතාව වැදගත් නැහැ. අද ඉන්න පරණ කට්ටිය හිතන්නෙ තමන්ගෙ ඒ අවශ්‍යතාව සඳහා රට විනාශ වුණත් කමක් නෑ කියමින් ජාතිවාදය අවුස්සගෙන ඉස්සරහට යන්න. ජනාධිපතිතුමා බුද්ධිමත් කෙනෙක්. ජාතිවාදය ඇවිස්සීම ගැන එතුමාට ලොකු කලකිරීමක් තියෙනවා. අපි ඒ තත්ත්වයට රට ගෙන යෑමට මහින්ද රාජපක්ෂට නෙමේ කිසිකෙනෙකුටවත් ඉඩදෙන්නෙ නැහැ* යැයි පැවසීය.
සාකල්යා සඳමාලි/ ශිවන්ති ප්‍රනාන්දු