පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ දිනය කිසිවකුට කිව නොහැකි බවත්, පළාත් පාලන පනත සංශෝධනය වනතුරු බලා සිටීමට සිදුව ඇති බවත්, මැතිවරණ කොමිසමට අධිකරණ බලය නොව විධායක බලය පමණක් ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේබව පැවසීය. මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම සඳහා අය වැයෙන් රුපියල් කෝටි 350ක් වෙන්කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.