මැතිවරණ දිස්ත්රික්ක 22 ඡන්දය භාවිත කිරීමේ ප්රතිශතය සවස 2.00 පමණ වනවිට 50% ඉක්මවා තිබෙන බව වාර්තා වේ.
අනුරාධපුරය, අම්පාර, ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල ඡන්දය භාවිතා කිරීමේ ප්රතිශතය 60% කට ආසන්න ප්රමාණයක් ගෙන තිබේ.
ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල ඡන්දය භාවිතා කිරීම සවස 2.00 පමණ වනවිට 50% සීමාවේ පැවැති බවද සඳහන් වේ.
අද සවස 4.00 ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අවසන් වන අතර, දහවල් 12.00 පමණ වනවිට ඡන්දය භාවිතා කළ උපරිම ප්රතිශතය ලෙස වාර්තා වූයේ 48% ක් පමණි. එම ප්රතිශතය ගම්පහ දිස්ත්රික්කයෙන් වාර්තා විය.