ඡන්දය ප්රකාශ නොකර සිටීමෙන් අකමැතිම පුද්ගලයාට පාර්ලිමේන්තු යාමේ වැඩි අවස්ථාවක් හිමිවන බවත් මේ හේතුවෙන් ඡන්දය ප්රකාශ කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට මේ වනවිට මැතිවරණ ක්රියාදාමයේ සමස්ත බලය පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අතට පත්වී ඇති බවයි. ඒ නිසා නිදහස් හා සාධාරණ වටපිටාවක් මැතිවරණ ක්රියාවලිය තුළ නිර්මාණය වී ඇති බව තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
මෙවර මැතිවරණ නිරීක්ෂන කටයුතු පිළිබඳව අදහස් දක්වන කැෆේ විධායක අධ්යක්ෂ වරයා සඳහන් කළේ දිගු කාලීන නිරීක්ෂකයින් 340 දෙනෙක් මැතිවරණය ප්රකාශයට පත්කළ දිනයේ පටන් යොදවා තිබු බවයි. නමුත් මැතිවරණය ආසන්න දිනය සහ මැතිවරණ දිනය වන හෙට සහ අනිද්දා දිනවල මැතිවරන නිරීක්ෂනය සඳහා 9000 ක පිරිසක් යොදවන බව කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.