එළඹෙන මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් වෙනුවෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06දා)වවුනියාව වන්නි ඉන් හෝටලයේදීආරම්භ විය.
මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් සඳහා තරග දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයන්ගේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම වෙනුවෙන් අදාළ සාකච්ඡාව සංවිධානය කළ බව දෙමළ ජාතික සන්ධාන නායකයෝ කියා සිටියහ.
මේ අනුව අද උදෑසන කාලයේදී උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන, ග්‍රාම සංවර්ධන සමිති,ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්ගේ හා ගොවි සංවිධාන නායකයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා පැවැත්වේ.අනතුරුව ඔවුන්ගේ අදහස්වලට අනුව ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා සකස් කිරීම පිළිබඳව අද සවස 3.00 න් පසු දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් නාමයෝජනා ලැයිස්තුව පිළිබඳව අවසන් තීරණය ගනු ලැබේ.
මෙවර මහමැතිවරණය වෙනුවෙන් පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන්ද නාමයෝජනා ඉල්ලා ඇති අතර මෙම සාකච්ඡාවේදී ඔවුන් පිළිබඳවද අවධානය යොමුකෙරේ.
සාකච්ඡාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වමි අඩෛක්කලනාදන්,සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, ශිවශක්ති ආනන්දන්, එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වෙති.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ