ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන ලද ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොමැති බවත්, අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ තැනැත්තන් යන්නෙහි නිර්වචනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි සංශෝධනය කළ යුතු බවත් දන්වා ඇත.