හෙට (17දා) පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් පිහිටුවන ලද සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත පස්වරු 7.45 වන විට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කර අවසන්ව තිබූ බව පොලීසිය කියයි. එසේම සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ආරක්ෂාව සඳහා අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදා ඇති බවත් ඊට අමතරව මැතිවරණය වෙනුවෙන් යොදන ලද විශේෂ පොලිස් ජංගම සංචාර මගින් ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය කරන බවත් පොලීසිය කියයි.