ඡන්දපොළ තුළ ඡන්ද මංකොල්ලයක් සිදුවුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය ශුන්‍ය කර එම කොට්ඨාසයට අයත් අනෙකුත් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ගණන් කිරීම තාවකාලිකව නවතා දමන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (10දා) උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ පැවැත්වෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 341න් පළාත් පාලන ආයතන 340ක මැතිවරණය හෙට දිනයේදී පැවැත්වීමට සැලසුම් කළද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇල්පිටිය ප්‍රා‘දේශීය සභාවේ ඡන්දය පැවැත්වීම වළක්වාලමින් පසුගිය 30 වැනිදා නියෝගයක් ලබාදී තිබේ.
මේ අනුව හෙට දිනයේදී මහනගර සභා 24ක්, නගර සභා 41ක් ප්‍රා‘දේශීය සභා 275ක් වෙනුවෙන් ඡන්දය පැවැත්වේ.
ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ප්‍රමාණය 57,252ක් වන අතර, තේරීපත්වීමට නියමිත අවම සභික සංඛ්‍යාව 8325කි. පළාත් පාලන ආයතන 341හිම ඡන්දය පැවැත්වූයේ නම් පත්වීමට නියමිතව සිටි සභික ප්‍රමාණය 8356කි.
එක්කෝටි පනස් හත්ලක්ෂ හැටදහසකට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. ඡන්ද පොළ හා ගණන් කරනමධ්යස්ථාන ඇතුළු මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් එක්ලක්ෂ හැත්තෑපන්දහසකට ආසන්න ප්‍රමාණයක් රාජකාරියේ යෙදවීමට නියමිතය.
ඡන්ද රාජකාරි සඳහා තෝරාපත්කරගෙන සිටින සියලුම නිලධාරීන් අද දිනය තුළ මැතිවරණ රාජකාරි ස්ථානවලට වාර්තා කළයුතු බවද අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය.
ඡන්ද රාජකාරි අනුමත වී, එහෙත් ඡන්ද රාජකාරි පැහැරහරින රාජ්‍ය නිලධාරීන්ට හා රියදුරන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
පවතින නීතිරීතිවලට අනුව මෙම වරදට වරදකරු වුවහොත් ඔහු වසර 03ක් දක්වා සිර දඬුවමකට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩ මුදලකට යටත් කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැති වුවද ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්ව තිබේනම් වලංගු හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ඡන්දය භාවිත කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ජාතික හැඳුනුම්පත, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාම හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක පක්ෂය සඳහා නිකුත් කළ හැඳුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත්වලංගු හැඳුනුම්පත් ලෙස සැලකෙන බවද එම කොමිසම කියා සිටියි.
හෙට උදෑසන 7.00න් පසු හැකි ඉක්මනින් පැමිණ ඡන්දය භාවිත කර නිවෙස්වලට හෝ රාජකාරී ස්ථානවලට යන ලෙසද සියලුම ඡන්ද දායකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
ඡන්දපොළ තුළ ඡායාරූපගත කිරීම සපුරා තහනම් වන අතර ඡන්ද පොළ තුළ දුරකථන භාවිතය, මත්පැන් පානය හෝ දුම්පානය කිරීමත් තහනම් කර තිබේ.
සවස 4.00න් පසු ඡන්ද මධ්‍යස්ථාන තුළ හෝ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙට්ටි පොදු එක් ස්ථානයකට රැගෙන ගොස් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නියෝජිතයන් ඉදිරිපිට වෙන වෙනම ගණන් කිරීමට සැලසුම් කර තිබෙන අතර, සවස 7.00න් පසු ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්ද පොළ තුළ හෝ ඡන්ද පොළ අවට ඡන්දය ආයාචනා කිරීමද තහනම් කර තිබෙන අතර, පොදුවේපෙරේදා (07දා) මධ්‍යම රාත්‍රී 12.00න් පසු කිසිදු මැතිවරණ ප්රචාරක කටයුත්තක් සිදු කිරීමද තහනම් වේ.
ඡන්දපොළ තුළහෝ ගණන් කරන මධ්‍යස්ථාන තුළ නීති විරෝධී කටයුත්තක් සිදු වන්නේ නම් පොලීසියට හෝ 0112864416, 0112862999, 0112868445දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි.
ඡන්ද පොළ ආරක්ෂාව සඳහා ආයුධ සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය සඳඑහන් කරයි.
මෙහිදී ඡන්දය මංකොල්ලකෑමක් සිදුවුවහොත් එම අවස්ථාවේදී වෙඩි තැබීමට පවා පොලීසියට බලයක් ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් සහායකයන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාව ඊයේ (08දා) සවස සිට රජකාරියේ යොදවා සිටිති.
සමස්තයක් වශයෙන් 80,000කට අධික පිරිසක් ඡන්දපොළ, ඡන්දය ගණන් කරන ස්ථානවල සහ ප්‍ර‘දේශයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටිති.
ඡන්දය ලබාදීමෙන් පසු සියලු දෙනාම සාමකාමීව ඡන්ද පෙළපාළි යෑම හෝ ඊට අදාළ කිසිවක් 11 වැනිදා හෝ සිදුකළ නොහැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරමහතා සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් යොදවා සිටින වි‘දේශීය නිරීක්ෂකයන් දසදෙනාට අමතරව පැෆරල් සංවිධානය, කැෆේ සංවිධානය, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇතුළු නිරීක්ෂණ සංවිධාන විසින් දසදහසකට අධික නිරීක්ෂකයන් ප්‍රමාණයක් මැතිවරණය නිරීක්ෂණ කිරීම සඳහා යොදවා සිටිති.
හෙට දිනයේදී ඡන්දපොළ තුළද නිරීක්ෂකයන් යෙදවීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය සහ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.ඡන්දය සලකුණු කිරීමේදී පක්ෂ ලාංඡනයට ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායම් ඉදිරියෙන් තිබෙන කොටුව තුළ කතිරයක් සලකුණු කිරීමෙන් ඡන්දය භාවිත කළ හැකි බවත්, කොටුව තුළ පමණක් අදාළ කතිරය සලකුණු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්ද පත්‍රිකාව තුළ වෙනත් දෑ සලකුණු කළහොත් ඡන්ද පත්‍රිකාව අවලංගු වීමට පවා ඉඩ ඇතැයිද පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මීට පෙර අවස්ථාවකදී තැපැල් ඡන්ද විමසීම සිදුවුවද මෙවර මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කිරීම සිදු නොවේ. ඒ වෙනුවට සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ කොට්ඨාසය වෙත ගෙනගොස් එම කොට්ඨාසයේ ඡන්ද සමග ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීම සිදුකෙරේ.
ඡන්ද මධ්‍යස්ථානවලට අයත් හිස් ඡන්ද පෙට්ටි අද සවස් වනවිට ඡන්ද මඨ්යස්ථානවලට රැගෙන යාමට නියමිතය.යම් කොට්ටාසයක ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ශුන්‍ය කළහොත් එම කොට්ඨාසයේ අනෙකුත් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ගණන් කිරීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.
ඡන්දය ශුන්‍ය කළ ඡන්ද මධ්‍යස්ථානය තුළ නැවත මාතිවරණය පවත්වා ඉන්පසු එම මඨ්යස්ථානයේ හා අනෙකුත් මඨ්යස්ථානවල ඡන්ද පෙට්ටි එකතු කර ගණන් කර ප්‍රතිඵල නිකුත් කිරීමටද සැලසුම් කර ඇත.
මේ සඳහා ක්‍රියාත්මක ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය 13,420කි.