ඡන්ද මංකොල්ලකෑමක් සිදු වුවහොත් වෙඩි තබා එය වැළැක්වීමට පොලිස් නිලධාරීන්ට බලය ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඡන්දපොළ ආරක්ෂාව සඳහා රාජකාරියේ යොදවන පොලිස් නිලධාරීන් දෙදෙනාටම අවි ලබාදීමට තීරණය කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
අද (01දා) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඡන්දය භාවිත කිරීම වැළැක්වීම සඳහා ‘ඡන්ද දායකයන්ට මේ දිනවල බෙදාදෙන ඡන්ද කාඩ්පත් හා ජාතික හැඳුනුම්පත් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳපොලීසියට වාර්තා වී තිබෙන බවයි.
මුදල් ගෙවා ඡන්ද කාඩ්පත් එකතු කරගන්නා බවට වාර්තා වී තිබෙන බවත්, අන්සතු හැඳුනුම්පතක් හෝ ඡන්ද කාඩ්පතක් ළඟ තබාගැනීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බවත්පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඇති ප්‍රතිපාදන අනුව ඡන්දය ලබාගැනීමට අයුතු බලපෑම් කිරීම මෙන්ම ඡන්දය ලබාදීම වැළැක්වීම සඳහා අයුතු බලපෑම් කිරීමද වරදක් බවත්, මේ නිසා අදාළ සිදුවීම් පිළිබඳ පරීක්ෂා කර නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් මත නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
මෙවැනි වැරදි කරන පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරු වුවහොත් වැරදිකරුවූ දින සිට වසර 07ක කාලයකට ඡන්ද අයිතිය අහෝසි වන බවද ඒ මහතා පවසා සිටියේය.
අපේක්ෂකයෙකු එවැනි වරදක් සිදුකර වැරදිකරු වුවහොත් ඔහු සභිකයෙකු වුවද එම තනතුර අහිමිවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.