ලබන 17 වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් දිවයින පුරා ස්ථාපනය කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන, 12,314ක් බවත් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි බෙදා හැරීම හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිත බවත් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ විසිපන්දහසක් පමණ යෙදවීමට නියමිත අතර අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඡන්දය ගණනන් කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් 70,000ක් පමණ යොදා ගැනීමට නියමිත බව ය.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය අනූවක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසී ය.