ඡන්ද මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිතය, ඡායාරූප ගැනීම හා මත්පැන් පානය කර පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“කිසිදු අයෙකු ජංගම දුරකථන මගින් හෝ කැමරා මගින් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළොත් ඔහු නීතිවිරෝධී ක්‍රියාවක් කළා සේ සලකා අත්අඩංගුවට ගනු ලබනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේදී තරාතිරම කියන දේ කිසිදු වැදගත් කරුණක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ඒ දඬුවම් හිමියි. ඡන්දය සලකුණු කිරීමේදී එකම එක කතිරක් පමණක් භාවිත කරන්න.’’ යැයි සභාපතිවරයා සඳහන් කළේය.