ඡන්ද කාඩ්පත් හා ජාතික හැඳුනුම්පත් මුදලට ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. බේරුවල, කංකානම්ගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (04දා) සිදුකර තිබේ.
බේරැවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනූව අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයන් සතුව හැඳුනුම්පත් 06ක් සහ ජන්ද පත්‍රිකා 05ක් තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර රැපියල් 18000ක මුදලකට ඒවා මිළට ගෙන ඇති බවද සදහන් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රැවන් ගුණසේකර මහතා සදහන් කර සිටියේ එක්තරා මැතිවරණ අපේක්ෂකයෙකු වෙනුවෙන් අදාල පුද්ගලයින් දෙදෙනා මෙම ක්රියාවේ නිරත වන බවට වැඩිදුර විමර්ශන වලින් අනාවරණය වී ඇති බවයි.
ඒ අනූව, වෙනත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙතට පුද්ගලයින් විසින් ඡන්දය දැමීම වැළැක්වීම සඳහා මෙලෙස ඡන්ද පත්‍රිකා හා හැඳුනුම්පත් මුදලට ඇති බවත් එහිදී අදාල පුද්ගලයින් දෙදෙනා විසින් රැපියල් 10800ක පිරිවැයක් දරමින් නොයෙකුත් පුද්ගලයින්ගේ විදුලි බිල් 04ක් හා ජල බිල් 04ක් යනාදී ලෙස දුරකථන මාර්ගයෙන් ගෙවීම්ද සිදු කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ අයුතු බලපෑම් සහ අල්ලස් ලබා දීම් යන වඅරදි යටතේ අදාල පුද්ගලයින් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ප්‍රධාන සැකකරැ පෙබරවාරි 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුට අනුබල දුන් අනෙක් සැකකරැ කොන්දේසි සහිතව ඇප මත මුදා හැර ඇති බවද පැවසීය.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 164ක් සම්බන්ධයෙන් පුද්ගලයන් 336ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද (05දා) පැවසීය.