විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළ පරිදි සිය පවුලට ඩොලර් බිලියන 18ක වත්කම් තිබෙන බවට ඔප්පු කළ හොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසුවේ රාජපක්ෂ පවුලට ඩොලර් බිලියන 18ක වත්කම් පවතින බවයි.
මේ සඳහා සිය ටිව්ටර් ගිණුමෙන් ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ඉහත අදහස් ප්‍රකාශ කොට තිබේ.