පොලීසිය සමඟ ඇති වූ ගැටුමෙන් මරණයට පත්වූ ඇඹිලිපිටියේ තරුණයාගේ බිරිඳට තමාන්වහන්සේ මුදල් ලබාදීමට කටයුතු කළ බවත්, එය අසත්‍යයක් නොවන බවත් නමුත් එය අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවට අදාළ නොවන බවද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසුහ.
පසුගිය 3 වන දින ඇඹිලිපිටියේ සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන්වීමෙන් අනතුරුව නඩුවට අදාළ නීතීඥ මහතා විසින් නඩුවට අදාළ යුක්ති ධර්මය ඉටුවීමට විරුද්ධව තමා විසින් බලපෑමක් එල්ල කරන බවට ප්‍රකාශ කළ බවත්, මරණයට පත්වූ පුද්ගලයාගේ කාන්තාවට මුදල් ලබාදීමට උත්සහ කළ බවට තමාගේ නමද කියැවුණු බවත්, උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේය.
ඕමල්පේ සෝභිත හිමි මේ බව සඳහන් කළේ අද(05) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.