ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2013 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා එවකට පැවැති රජය රුපියල් බිලයන් 1.1ක මුදලක් වැයකර තිබෙන බව අද (20දා) පාර්ලිමේන්තුවේදි අණාවරණය විය.
මෙයින් රුපියල් මිලයන 10ක මුදලක් මාධ්‍යවේදීන්ගේ ආහාර සඳහා වැයකර තිබෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අණාවරණය කළේය.