ඉන්දියාවේ චෙන්නායි නුවර සිට චොකලට් තුළ සගවා රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා හෙරෙයින් ග්‍රෑම් 200ක් ශ්‍රී ලංකාවට ගෙන ආ ශ්‍රී ලංකා ජාතික කාන්තාවක් අද පෙරවරුවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට පත් සැකකාරිය අවුරුදු 58ක් වයසැති මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක.