අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ චෙන්නායි හා කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරනු ලැබීය. ඒ අනුව කටුනායකින් චෙන්නායි ගුවන් තොටුපොළ දක්වා UL 121 අංකය දරණ ශ්රී ලංකන් ගුවන් යානය චෙන්නායි බලා අද උදෑසන 11.30ට පිටත්ව ගියේය. මගීන් 295ක් හා කාර්ය මණ්ඩලයේ 11ක් මෙම ගුවන් යානයේ ගමන් කළහ. අද දිනයේදී තවත් ශ්රී ලංකන් ගුවන් යානා පහක් චෙන්නායි බලා පියාසර කිරීමට නියමිතව තිබේ.