ඉන්දියාවේ දකුණුදිග චෙන්නායි නගරයේ දුම්රිය ස්ථානයක නවත්වා තිබූ දුම්රියක මැදිරි දෙකක අද (1දා) සිදුවූ බෝම්බ පිපිරුම් දෙකකින් එක් කාන්තාවක මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බැංගලෝරයේ සිට ගුවාහති වෙත වෙත ගමන් කරමින් තිබූ දුම්රියක මේ ආකාරයෙන් බෝම්බ පිපිරීම් සිදුව තිබේ.
මෙම ශීඝ්‍රගාමී දුම්රිය චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණ විනාඩි කිහිපයකින් මෙම පිපිරීම සිදුව තිබේ.
බලධාරීන් පවසා ඇත්තේ මෙම බෝම්බ එතරම් ප්‍රබල බෝම්බ නොවන බවත්, ඒවා මගී ආසන යට සඟවා තිබී ඇති බවත්ය.
කෙසේ වෙතත් ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතරතුර සිදුවූ මෙම බෝම්බ පිපිරීම් සිදුවී තිබුණත්, ඒවා මැතිවරණය ඉලක්ක කරමින් සිදුකළ පිපිරීම්ද යන්න තවමත් අනාවරණය වී නොමැති බවද බලධාරීහු පවසති.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම බියගුළු බොම්බ ප්‍රහාර දෙක හෙළා දැක තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් මෙම බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් ඉන්දීය රජයටත්, එරට ජනතාවටත් සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.