වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරිම ඇතුළු අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි පාතාල සාමාජිකයන් වන සියඹලාපිටියේ චමින්ද වසන්ත නොහොත් චූලා වසන්ත හා රැන්ඩෝල් ජූඩ් බෙට්ස් යන සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 700ක් සමගින් සැකකරුන් අත්අඩංගුවට පත්ව ඇත. සැකකරුවන් පසුගිය 16 දා අත්අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩේ අධිකරණයට ඉදරිපත් කිරිමෙන් පසුව දින 7 රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.
බොරැල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.