යාපනය චුන්නාකම් පොලිස් වසමේ උද්ඝෝෂණ හෝ පෙලපාළි පැවත්වීම තහනම් කරමින් මල්ලාකම් මහෙස්ත්රාත් එස්. සදීස්කරන් මහතා විසින් අද (26දා) දහවල් තහනම් නියෝගයක් පනවා ඇතයි යාපනය පොලීසිය කියයි.
චුන්නාකම් පොලිස් බල ප්රදේශය තුල උද්ඝෝෂණ හා පෙලපාළි පිළිබඳව චුන්නාකම් පොලීසියට ලැබුණු තොරතුරු වලට අනුව චුන්නාකම් පොලීසියේ ඉල්ලීම මත මෙම නියෝගය පනවා ඇත.