දියර යූරියා පොහොර ලෙස හදුන්වමින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 6 ක් වටිනා ග්ලයිපොසේට් තොගයක් ඊයේ (23දා) උදෑසන ඔරුගොඩවත්ත ආර්.සී.ටී. බහාලුම් පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
චීනයේ සිට පෙරේදා (22දා) මෙම අඩි 40 ක් දිග ග්ලයිපොසේට් අඩංගු කන්ටේනරය මෙරටට ගෙනැවිත් ඇති අතර , 9/23 දින උදෑසන එය විවෘත කර තිබේ. එහි කිලෝ ග්‍රෑම් 15,792 ක් බර ග්ලයිපොසේට් පැකට් තොගයක් තිබූ අතර , ඒවා කාටූන් 987 ක තිබූ කෑන් 1974 ක අසුරා තිබුණි .
මෙම ග්ලයිපොසේට් තොගය මෙරටට ආනයනය කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ඉදිරි දින වල රේගුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.