චීනයේ ග්වාන්ශුහි පැවඇති ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී වඩාත්ම ප්‍රසිද්ධ සංචාරක නැවතුම්පොළ බවට ශ්‍රී ලංකාව සම්මානයට පාත්‍ර වී තිබේ. ශ්‍රී ලංකාවට මෙම සම්මානය හිමිව ඇත්තේ අඛණ්ඩව දෙවැනි අවස්ථාවටයි.
ෂිංහුවා පුවත්සේවය පවසන්නේ චීන සංචාරකයන් ශ්‍රී ලංකාව පිළිබඳව දක්වන උනන්දුව දිගින් දිගටම වර්ධනය වෙන බවයි. ශ්‍රී ලංකාවේ සංචාරක වෙළඳපොළේ දෙවැනි ස්ථානය 2014 වසරේ සිට චීනයට හිමිව තිබේ.