චීනයේ සිට කොළඹ වරායට ගෙන ආ පණුවන් සහිත ටින්මාළු අඩංගු කන්ටේනර් 74 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ඇතුළු වීම වාරණය කර තිබියදී එයින් කන්ටේනර් 6ක් වරායෙන් නිදහස් කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එම ටින්මාළු පරිභෝජනය කිරීම මගින් පරිභෝගිකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් කන්ටේනර් 6 වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරයට ගෙන නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.