විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ එළැඹෙන චීන සංචාරයේදී නව තත්ත්වයන් යටතේ චීන - ශ්‍රී ලංකා සබඳතාවන්හි අනාගතය පිළිබඳව දෙරටේ දැක්ම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක හුආ චුන්යින්ග් ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු අමාත්‍යවරයා 27 දා හා 28 දා චීන සංචාරයක නිරතවන අතර මෙහිදී චීන රජය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති ආයෝජනයන්හි ආරක්ෂාව පිළිබඳව වැඩි චීනය වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අද (17දා) වාර්තා කළේය.