චීනයේ බීජීං ගුවන්තොටුපළේ සිට මොරිස් දිවයින කරා පියාසර කරමින් සිටි බී.737-700 වර්ගයේ ගුවන් යානයක් ඉන්ධන ලබාගැනීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන්තොටුපළට ඊයේ (7දා) පැමිණි බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කළමනාකරු කීය.
ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබාගෙන ගුවන් යානය යළි මොරිස් දිවයින කරා පියාසර කිරීම සිදුවිය.ඉන්ධන ලබාගැනීම සඳහා මේ ආකාරයෙන් මසකට ගුවන් යානා කිහිපයක් මත්තලට පැමිණෙන බවද සඳහන්වේ.
මෙයට අමතරව දිනපතා ඩුබායි බලා යන ෆ්ලයි ඩුබායි ගුවන් යානය දිනපතා මත්තල හරහා ක්‍රියාත්මක වන අතර, රොටානා ජෙට් සමාගමට අයත් ගුවන් යානයක්ද සතියට දින දෙකක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන බවද සඳහන්වේ.