චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබෙන නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් කිරීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
ලෝකයේ විශාලතම වෙළෙඳ පොළ ලෙස සැලකෙන චීනයට මෙන්ම ද්වීපාශ්වික වෙළෙඳ ගිවිසුම් පවතින අනෙකුත් රටවලට සිදුකරන ශ්‍රී ලාංකීය අපනයනයන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම ගිවිසුම ප්‍රධාන උපාංගයක් වනු ඇති බව කියැවෙයි.
එමෙන්ම, බොහෝ ජාත්‍යන්තර සමාගම් සිය මෙහෙයුම් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ සිදුකිරීම සඳහා මේ තුළින් ඔවුන් වෙත ආකර්ෂණයක් ඇතිවනු ඇති බවද පැවසෙයි.