උතුරු මුහුදු සීමාවේදී චීන ධීවරයන් විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා ධීවරයින් ලෙසින් වෙස්වළාගෙන ධීවර කටයුතුවල නිරතවීමෙන් උතුරේ ධීවරයන්ට විශාල මත්ස්‍ය සම්පතක් අහිමි වෙමින් පවතී.
මේ පිළිබඳව අදහස් දැක්වූ උතුරු නැගෙනහිර ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා මෙසේ පැවසීය.
'පසුගිය කාලයේ උතුරේ ධීවරයන්ට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා හා එම ධීවරයන්ගේ පැමිණීම නිසාවෙන් මත්ස්‍ය සම්පත අහිමි වුණා. එමෙන්ම මේ වන විට චීන ධීවරයන් නිසාවෙන්ද උතුරේ මත්ස්‍ය සම්පත අහිමි වන තත්ත්වයක් උදාවී තිබෙනවා.
මෙම චීන ධීවරයන්ගේ ධීවර ආම්පන්න බොහොම නවීන පන්නයේ මෙන්ම මෙරට තහනම් කර අති දෑයි. එම ආම්පන්න යොදා මසුන් අල්ලන විට එම ධීවර යාත්‍රා සමීපයට මෙරට කිසිදු ධීවරයෙකුට යා නොහැකි අතරම ඔවුන් විශාල මසුන් ප්‍රමාණයක් දිනකට අල්ලා ගන්නා නිසාවෙන් උතුරේ ධීවරයන් පීඩාවට පත්ව සිටිනවා එමෙන්ම චීන ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට පැමිණෙන්නේ මෙරට ධීවරයන් සේ වෙස් වළාගෙන බැවින් එම ධීවරයන් හඳුනාගැනීමට අපහසු බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවටද අපහසු වී තිබෙනවා. " යැයි පැවැසීය.