චීනයේ ලිට්ල් මාස්ටර්රජයේ පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් අද(02දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා හමුවිය. ඒ ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවකට සහභාගිව සිටින අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශය නැරඹීමට පැමිණි අවස්ථාවේදීය.
චීන - ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලක්ෂිත රත්නායක මහතාගේ ඉල්ලීමක් අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂිකා පුෂ්පා විජේසූරිය මහත්මියගේ මැදිහත්වීමෙන් මෙම සිසුදරුවන් පිරිසට අධ්‍යාපන අමාත්‍යාංශය නැරඹීමට අවස්ථාව උදාකරදී තිබිණි.
චීන රජයේ පාසල් ක්‍රියාත්මක වන ආකාරය සහ ශ්‍රී ලංකාවේ පාසල් පිළිබඳ නිරීක්ෂණයට ලක් වූ තොරතුරු පිළිබඳ බොහෝ අදහස් චාරිකාවට පැමිණ සිටි දරුවන් මෙහිදී පවසා තිබේ.
චීනයේ අනාගත මාධ්‍යවේදීන් බිහිකරන පාසලක් වන ලිට්ල් මාස්ටර්පාසල නියෝජනය කරමින් පැමිණ සිටි මෙම දරුවන් ශ්‍රී ලංකාවේදී තමන්ගේ රටේ දී දකින්නට නොහැකි වූ නිල්වන් අහස, තරු පිරි අහස දකින්නට ලැබීම ගැන සතුටට පත්වන බවදපවසා ඇත.