චීන ජනපතිගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී සුවිශේෂී රාජකීය පිළිගැනීමක්
චීන ජනපති ෂී ජින්පින් මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී ඔහුට සුවිශේෂී රාජකීය පිළිගැනීමක් ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලෝක ආර්ථිකයේ බලවන්තයෙකු ලෙස ඉදිරියට පැමිණෙන චීනය හමුවේ, හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ප්රකටව පැවති මහා බ්‍රිතාන්‍ය කිසිදු රාජ්‍ය නායකයෙකුට ලබානොදෙන ආකාරයේ සුවිශේෂී පිළිගැනීමක් ෂී ජින්පින් වෙත ලබාදී ඇත.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් චීන ජනාධිපතිවරයා හා ජනාධිති ආර්යා පෙන්ග් ලියුආන් වෙත රාජකීය හමුදා උත්තමාචාරයක් සමග පිළිගැනීමක් පැවැත්වූ අතර, රතු පලස මතදී රාජකීයයන් අභිභවා රූමත් චීන ආර්යාව කැපී පෙනුණු බවද විදෙස් මාධ්‍ය පවසයි.
එමෙන්ම, රාජකීය අශ්ව රථයේ එළිසබෙත් රැජින සමග ගමන් කිරීමේ වරමද චීන ජනාධිපතිවරයා වෙත ලබාදී තිබූ අතර, මෙම රාජකීය උත්සවයට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්රමුඛ රජයේ ප්‍රබලයන් රැසක් සහභාගි වී තිබේ.
දෙරට අතර ආර්ථික සහයෝගීතාව වඩා වර්ධනය කරගැනීමේ අරමුණින් චීන ජනාධිපතිවරයා සිවුදින සංචාරයක් වෙනුවෙන් මෙසේ බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ.
මෙම සංචාරයේදී චීන නායකයාට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාවද උදාවූ අතර, ආසියාකරයේ බලවන්තයා වෙනුවෙන් බකිංහැම් මාලිගයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

