අභියාචනාධිකරණ විනිසුරු ධූරයේ කටයුතු කළ කේ.ටී.චිත්රසිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පත් කළේය. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් විය. මෙහිදී අදාල පත්වීම් සිදුකළ අතර ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු සහ සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමද සිදු විය. ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාව තබා ඇති බලාපොරොත්තු ඉටු වන ආකාරයෙන් උපරිම ස්වාධීනත්වයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිනි.