චිත්‍රපට ශාලා ඩිජිටල්කරණය කිරීම දීර්ගකාලයක් තිස්සේ කතා කළත් එට සිදු නොකෙරුණු බවත් රජය මැදිහත් වී එය අගෝස්තු මාසයට පෙර සිදු කරන බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
චිත්‍රපට තේරීමේ නියාමන මණ්ඩලය පිළිබඳව විමසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා,ඒ පිළිබඳව අද සාකච්ඡා කළා.ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කරමින් යනවා යැයි පැවසී ය.