චැනල් 4 නාළිකාවේ වීඩියෝ දර්ශන පිළිබඳව යුද හමුදාව ඉදිරියටත් පරීක්ෂණ පවත්වන බව යුද හමුදාව පවසයි. මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලෙස පසුගිය රජයෙන් නියෝග කළ බවද ඒ අනුව 2013 වර්ෂයේ සිට ඉදිරියට පරීක්ෂණ සිදුකරන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
අදාල දර්ශණවල සිටින්නේ හමුදා සාමාජිකයන්ද යනවග තහවුරු කරගැනීම පරීක්ෂණයන්හි අරමුණ බවද එම නිවේදනයේ දක්වා තිබේ.