ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හෙට(01දා) දිනයේදී පැමිණිය නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කළ දැනුම්දීම මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහියංගණය නගරයට පැමිණෙනබවත්,එහි ප්රමුඛ කාර්යයන් රැසක් ඉටු කිරීමට පැවරී ඇති බවත් කියමින්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීමට නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (30දා) දිනයේ මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නේය.
එම දැනුම්දීම ඉවත දැමූ ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ ප්‍රධාන අමාත්‍යවරයා පෙරබරවාරි පළමු වැනිදා නියත වශයෙන්ම කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට පැමිණිය යුතු බවයි.
මානව හිමිකම් කොමිෂන් සභාව බාරදෙන ලද සිතාසියක් සඳහා නියමිත වේලාවේදී කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හෝ පැහැර හැරීම කොමිෂන් සභාවේ අධිකාරියට විරුද්ධව කටයුතු කරන ලද්දක් සේ සලකනු ලබන බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් බවත් කොමිසම ඌව මහ ඇමැතිවරයාටලිඛිතවදැනුම්දීතිබේ.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයේ හෙට(01දා) දිනයේ පෙනී සිටින ලෙස එම කොමිසම පෙරේදා (29දා) ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට සිතාසි නිකුත් කර තිබිණි.